275

ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය, යුද්ධ, බින්ලාඩන්, ජිහාද් යන කරුණු පිළිබඳව ඉස්ලාමය දරන මතය කුමක්ද?

 

] සිංහල – Sinhala –[ سنهالي  

 

කර්තෘ

මුහම්මද් මන්සූර් දහ්ලාන්

 

 

 

 

 

 

2013 - 1434


نظرة الإسلام إلى الإرهاب والإعتداءات والحرب والعنف

« باللغة السنهالية »

 

 

 

 

 

 

محمد منصور دحلان

 

 

 

 

 

 

 

 

 

2013 - 1434

 

 

 

 

 

 

هنا بداية النص

هذا تنسيق الآيات

﴿ قَالَا رَبَّنَا ظَلَمۡنَآ أَنفُسَنَا وَإِن لَّمۡ تَغۡفِرۡ لَنَا وَتَرۡحَمۡنَا لَنَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ٢٣ [الاعراف: ٢٣

هذا تنسيق الحديث

عن ابن عمر رضي الله عنهما قال: قال رَسُول اللَّهِ : (بني الإسلام على خمس: شهادة أن لا إله إلا اللَّه وأن محمداً رَسُول اللَّهِ، وإقام الصلاة، وإيتاء الزكاة، وحج البيت، وصوم رمضان) مُتَّفَقٌ عَلَيهِ.

 

 

 

 

 

 

 

ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය, යුද්ධ, බින්ලාඩන්, ජිහාද් යන කරුණු පිළිබඳව ඉස්ලාමය දරන මතය කුමක්ද?

 

යුද්ධ හා ගැටුම් පිළිබඳව මානව විද්‍යාත්මක (anthropological) අධ්‍යයනයන් කිහිපයක් පවත්වා ඇත. මේ අධ්‍යයනයන් සියල්ලම පාහේ පැමිණ ඇත්තේ සමාන නිගමනයන්ටය. අනාදිමත් කාලයේ සිට මිනිසා ගැටුම් හා යුද්ධයන්ට මැදිහත් වී ඇති අතර සැබැවින්ම මෙය මිනිස් ස්වභාවයේ යථාර්ථයක් බවත් මෙම අධ්‍යයනයන්ගෙන් ඔප්පු වී ඇත. නමුත් යුද්ධ හා ගැටුම් වලට මුල් වූ හේතු වෙනස් විය හැක. භුමිය, රාජ්‍ය බලය, සම්පත්, දහම, නිදහස, ගෞරවය යනාදී කරුණු මෙයට හේතු වුවා විය හැක. එලෙසම තමන්ව හා අන් අයව ආරක්ෂා කර ගන්නටත්, සතුරන් ට පහර දීමටත් මිනිසුන් යුද්ධ හා ගැටුම් කෙරෙහි යොමු වන බව සත්‍යයකි. කෙටියෙන් පවසන්නේ නම්, යුද්ධ හා ගැටුම් පොදු මානව සංසිද්ධියක් විනා එය එක් වාර්ගික කොට්ඨාසයකට, දහමකට, රටකට හෝ දෘෂ්ටියකට පමණක් සීමා වුවක්‌ නොවේ.

 

වර්තමාන ලෝකයේ දැනටමත් විවිධ යුද්ධ සිදුවෙමින් පවතී. මේවා සියල්ලම පාහේ ඛනිජ තෙල් වැනි සම්පත් සඳහාත්, යුද්ධෝපාය ස්ථාන අත්පත් කර ගැනීම සඳහාත් කරන යුද්ධ බවට මැදිහත් ව සිතන ඕනෑම අයෙකුට නිරවුල් ව පෙනී යන සත්‍යයකි. මෙයට උදාහරණ වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපදය හා යුරෝපා සංගමය එකතුව ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ පවත්වා ගෙන යන යුද්ධ පෙන්වා දිය හැක.  

 

යුද්ධ හා ගැටුම් පිළිබඳ ඉස්ලාමීය මතය.

ඉස්ලාමය  තවත් එක් දහමක් පමණක් නොවේ. එය මිනිසාගේ මිහිතලය මත ජීවිතය සම්බන්ධව පරිපුර්ණ, ප්‍රායෝගික, නිවැරදි හා අර්ථවත් මග පෙන්වීමක් ඉදිරිපත් කරන අතර එය අනුගමනය කිරීමෙන් මරණින් මතු ජීවිතයේ ජයග්‍රහණය ද සහතික කරයි. මේ හේතුව නිසාම ඉස්ලාමිකයින් යුද්ධ හා ගැටුම් පිළිබඳව අනුගමනය කළ යුතු පිළිවෙත ඉතාමත්ම පැහැදිලිව විස්තර කොට ඇත. ඉස්ලාමිකයින් යුද්ධයකට අවතීර්ණ වන්නේ නම්, එය සාධාරණය හා යුක්තිය මත පදනම් වූ එකක් විය යුතුය. නබි තුමාණන්ගෙන් පසු මදීනා නගරය මුල් කොටගෙන තිබු ඉස්ලාමීය රාජ්‍යයේ පාලකයා වූ අබු බක්කර් තුමා දුන් උපදේශයන් හා මේ පිළිබඳව ඇති අනෙකුත් නබි තුමාණන්ගේ උපදෙස් හි සාරාංශය පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

 

1. කිසිවෙකුව ගින්නෙන් පුලුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වද හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන් ම තහනම්ය.

 

2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන් ට පහර නොදිය යුතුය.

 

3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.

 

4. බැ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.

 

5. ජනාවාසයන්ට පහර දීම, මංකොල්ල කෑම, දේප හානි සිදුකිරීම, සපුරා තහනම්ය. තමන් සමඟ සටනට එන්නන් සමඟ පමණක් සටන් කළ යුතුය.

 

6. තමන් යටතට පත් වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතුය.

 

7. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ  අංගඡේදනයන් කිරීම සපුරා තහනම්ය.

 

8. සතුරු මෘ දේහ ඔවුන්ගේ කඳවුරට භාරදිය යුතුය.

 

9. එළැඹ ඇති කිසිම ගිවිසුමක් කඩ නොකළ යුතුය.

 

10. මහලු අය, රෝගීන්, ස්ත‍්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතුය.

 

11. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.

 

12. ගස් හා භෝග වර්ග විනාශ නොකළ යුතුය. මේවාට ගිනි තැබීම සපුරා තහනම්ය.

 

13. සතුරු කඳවුරට අයත් ගව මහීෂාදීන් නිකරුණේ මරා නොදැමිය යුතුය.

 

ඉහතින් සංක්ෂිප්තව දැක්වූයේ ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ චර්යාවන්ය.

 

වර්තමාන බටහිර ජාතීන් රටක් ආක්‍රමණය කරන විට ඉහත යහ චර්යාවන් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව අමුතුවෙන් අදහස් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවන බව අප සැවොම දන්නා කරුණකි. ඉරාකය හා ඇෆ්ගනිස්තානය යන රටවල් වල සිවිල් වැසියන් දස දහස් සංඛ්‍යාවක් ඔවුන්ගේ උණ්ඩ වලට ඉලක්ක වී ජීවිත පරිත්‍යාග කළ අතර  දැනටත් එය සිදු වෙමින් පවතින බව මාධ්‍යය දෛනිකව වාර්තා කරමින් සිටීයි. එම රටවල් වල යටිතල ව්‍යුහයන් විශාල ප්‍රමාණයක් විනාශ කොට දමා ඇති අතර ඒවා පුනර්නිර්මාණය කිරීමේ කොන්තරාත්තු බටහිර සමාගම් වලට ලබා දී එහි පිරිවැය යටත් වූ රටට ගෙවන්නට කටයුතු සලස්වා තිබේ. ඉරාකය මෙයට කදිම නිදසුනකි. ඉහතින් සඳහන් කළාක් මෙන් බටහිර රටවල් සම්පත් සුරා කෑමටත්, යුද්ධෝපාය ස්ථාන අල්ලා ගැනීමත් නුතනයේ යුද වදින බව පැහැදිලිව පෙනෙන්නට ඇති දෙයකි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මෙවන් හේතු පදනම් කර ගෙන යුද්ධයකට අවතීර්ණ වීම සහමුලින්ම තහනම්ය. ඉස්ලාමයට අනුව යුක්තිය හා සාධාරණය මත පදනම් වූ හේතු මත පමණි එවන් කටයුත්තකට ඉදිරිපත් විය හැකි වන්නේ.

 

බින් ලාඩන් පිළිබඳව මාධ්‍යය විසින් හුවා දක්වන ලද කරුණු සමබන්ධව බොහෝ පරස්පරයන් ඇති බව විචාරශීලී ව විමසුමක යෙදෙන්නෙකු ට පැහැදිලි වන කරුණකි. 9/11 සිදුවීම බින් ලාඩීන් ගේ ක්‍රියාවක් බව මාධ්‍යය පවසන අතර මේ පිළිබඳව තිබු අධිකරණ ක්‍රියාවලිය විවෘත  අධිකරණයක ව්නිශ්චය සඳහා විමසුම ට ලක් වුවක් නොවේ. මේ සිදුවීම පිළිබඳව මුස්ලිම් නොවන ඇමෙරිකානු විද්‍යාඥයින්, ඉන්ජිනේරුවන්, ගෘහ නිර්මාණ විශේෂඥයින් හා අනෙකුත් විද්වතුන් ඇතුළත් වූ සංසදයක් විසින් සාධක සහිතව ලොවට ප්‍රකාශ කර සිටියේ මෙය ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ අභ්‍යන්තර ක්‍රියාවලියක් බවය. මෙම කරුණු පිළිබඳව ඇමෙරිකානු හෝ ජාත්‍යන්තර හෝ මාධ්‍යය විසින් ප්‍රසිද්ධියක් ලබා නොදෙන ලදී. මෙවන් තත්වයක් තුළ 9/11 සිදුවීම බින් ලාඩීන් ගේ ම ක්‍රියාවක් බව පවසන්නට අපි ඉදිරිපත් වන්නට නොකැමැත්තෙමු. එලෙසම එය ඔහුගේ ක්‍රියාවක් නොවේ යැයි සහතික කොට පැවසීමටද අපට හැකියාවක් නොමැත. පහත සඳහන් අල් කුර්ආන වැකිය මේ පිළිබඳව අපට මග පෙන්වීමක් කරන්නේය.

 

විශ්වාසවන්තයිනි, නපුරු අයගෙන් කවුරුන් හෝ ඔබ වෙත යම්කිසි ප්‍රවෘත්තියක් ගෙන එනු ලැබුවහොත් (එහි සත්‍යය දැන ගැනීම පිණිස එය) හොඳින් විමසා (සත්‍යය කුමක්ද යන්න) දැන ගනු. (නොඑසේ නම් ඔහුගේ කියමන විශ්වාස කළ ඔබ) නොදැනුවත්කම නිසා යම්කිසි ජනතාවකට විපතක් සිදු කර පසුව ඔබ කළ දැය පිළිබඳව පසුතැවිලි වන්නට සිදු විය හැක (49 : 6)

 

9/11 ප්‍රහාරයේ කර්තෘ වරුන් කවූරුන් වුවද එය සහමුලින්ම ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි ක්‍රියාවක් බව ඉහතින් විග්‍රහ කර ඇති ඉස්ලාමීය යුද චර්යාවන් පිළිබඳව විමසා බැලීමේදී පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

 

ඉස්ලාමය, නබිතුමාණන්, අල් කුර්ආනය ආදිය පිළිබඳව බින් ලාඩීන් දැරූ මතයන් පිළිබඳව අපට නිවැරදි අදහසක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත.   

 

ජිහාද් පිළිබඳව අදහස් දැක්වීමේදී මාධ්‍යය විසින් එය ඉස්ලාමීය ත්‍රස්තවාදී සංකල්පයක් බව හුවා දැක්වීමට ප්‍රයත්න දරා ඇති බව අපි දන්නෙමු. මෙය මුස්ලිම් හා මුස්ලිම් නොවන ක්ෂේත්‍රයන්හි මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයන් තුළින් ද නිරන්තර සාකච්ඡාවට හා විග‍්‍රහයට ලක් වූ මාතෘකාවකි. විවාදාත්මක මෙන්ම මතභේදයට ලක් වූ විෂයයක් ලෙස ද මෙය සැලකේ. නමුත් නිවැරදි හා පිළිගැනීමට ලක් වූ මූලාශ‍්‍රයන් උපයෝගි කර ගෙන විමසීමක් කිරීමේ දී එහි සැබෑ තොරතුරු ඉතා පහසුව හා සරලව අවබෝධ කර ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරන්නෙමු.

 

ජිහාද් යන අරාබි වචනයේ මුල් පද අක්ෂර වන්නේ ජ-හ-ද යන්නය. ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් මෙහි අර්ථය එක්තරා ප‍්‍රමාණයකට හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය කෝණයෙන් ජිහාද් යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහ විපාක අපේක්ෂාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් ද වෙයි. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද දහමේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම ද ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක. ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද තුනක් ඇති බව පිළිගෙන ඇත.

 

1. චෛතසිකයෙන් කරන්නාවූ ජිහාදය (චිත්ත පාරිශුද්ධිය උදෙසා අකුසලයට නැඹුරු වූ හැඟීම් සමඟ කරන්නා වූ චෛතිසික අරගලය.)

 

2. ශරීරය හා වස්තුව උපයෝගි කර ගෙන කරන්නාවූ ජිහාය. (සාමය හා යුක්තිය ස්ථාපිත කිරීම වැනි යහ අරමුණකින් කරන්නා වූ සටනකට සහභාගි වීම, තම ශරීරය වෙහෙසා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කටයුතු කිරීම, තම වස්තුව අල්ලාහ්ගේ මඟෙහි යහ විපාක අපේක්ෂාවෙන් වියදම් කිරීම.)

 

3. දිව උපයෝගි කර ගෙන කරන්නාවූ ජිහාදය. (සත්‍යය අන් අයට පැහැදිලි කර දීමට හා යහ මඟට ජනයාව ආරාධනා කරන්නට කරන්නා වූ පැහැදිලි කිරීම් ආදිය.)

 

මුහම්මද් නබි තුමා (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) විවිධ අවස්ථාවන්හි දී ශ්‍රේෂ්ඨ ජිහාදය කුමක් ද කියා පැහැදිලි කොට ඇත. වරෙක ශ්‍රේෂ්ඨ ජිහාදය තම චෛතිසකයේ මතුවන අකුසලයට නැඹුරු වූ හැඟීම් සමඟ චෛතසික අරගලයක යෙදීම බව පවසා ඇත. තවත් වරෙක අසාධාරණ දුෂ් පාලකයෙකු ඉදිරියේ නිර්භයව සත්‍යය ප‍්‍රකාශ කර සිටීම ශ්‍රේෂ්ඨ ජිහාදය බව පවසා ඇත. ඉස්ලාමයේ නිර්දේශිත අනිවාර්යය (දෛනිකව කරන්නා වූ පස්වේල සලාතය වැනි) කටයුතු සම්බන්ධ ව අඛණ්ඩව හා සැලකිලිමත්භාවයෙන් යුතුව කටයුතු කිරීම ශ්‍රේෂ්ඨ ජිහාදය ලෙස දක්වා ඇත. දෙමව්පියන්ට උටැන් කිරීම ද ජිහාදයක් බව තවත් වරෙක අදහස් ප කර ඇත. හජ් නැමදුම (විශේෂයෙන් ස්ත‍්‍රීන් සම්බන්ධව) ජිහාදයක් ලෙස දක්වා ඇත. මෙම තොරතුරු උපුටා ගත්තේ පහත සඳහන් හදීස් ග‍්‍රන්ථයන්ගෙනි. හදීස් යනුවෙන් හැඳින්වෙන්නේ මුහම්මද් තුමාගේ (එතුමාට අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) ප‍්‍රකාශිත මෙන්ම එතුමාගේ ක‍්‍රියා හා අනුමත කළ දෑටය. ඉහත නබි වදන් හි මූලාශ‍්‍රයන් වන්නේ සහීහුල් බුහාරි: 1423, අබූ දාවූද්: 3781, තබරානි: 20821 යන්නය.

 

අල්-කුර්ආනය උපයෝගි කරගෙන ජිහාදයේ යෙදෙන ලෙස පහත සඳහන් වැකියෙන් දෙවිඳුන් උපදෙස් දෙයි.

 

එබැවින් (නබිවරයාණනි,) නුඹ මෙම ප‍්‍රතික්ෂේප කරන්නන්ට අවනත නොවවු. තවද එය (අල්-කුර්ආනය) උපයෝගි කර ගෙන ප‍්‍රයත්නයන්ගෙන් (ජිහාද්) ශ්‍රේෂ්ඨ ප‍්‍රයත්නයක ඔවුන් සමඟ යෙදෙවු. (අල්-කුර්ආන් 25:52)

 

ඉහත නබි වදන් හා අල්-කුර්ආන් වැකිය තුළින් ජිහාද් යන සංකල්පයේ මූලික අදහස අවබෝධ කර ගැනීමට හැකි වේ යැයි සිතන්නෙමු. අවාසනාවට මාධ්‍ය විසින් ජිහාද් යන වචනයට සමානාර්ථ පදයන් ලෙස ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය යනාදිය උපයෝගි කර ගෙන ඇත. ශුද්ධ යුද්ධය යන්න අරාබි බසින් දැක්වෙන්නේ හර්බ් මුකද්දසා යනුවෙනි. මෙය හදීස් ග‍්‍රන්ථයන්හි හෝ අල්-කුර්ආනයේ හෝ දක්නට ඇති පදයක් නොවේ.

 

තමන්ගේ ජීවිත, දහම, වස්තුව හා ගෞරවය යනාදියට තර්ජනයක් එල්ල කරමින් යම් කණ්ඩායමක් සටනට එන්නේ ද ඔවුන් සමඟ සටන් වැදීමද ජිහාදයක් ලෙස දැක්විය හැක. මෙවන් තත්ත්වයකදී සටනට පිවිසීම ලොව සියලූ රටවල් අනුමත කරන්නා වූ ක‍්‍රියා මාර්ගයකි. මේ සම්බන්ධව අල්-කුර්ආනයේ සඳහන් වැකි එහි සන්දර්භයෙන් බැහැරව අර්ථ දක්වා විකෘත වූ මතයක් ගොඩ නගන්නට විශාල ප‍්‍රයත්නයක් ජාත්‍යන්තරව දක්නට ඇත. ඉස්ලාමය අසිපතින් ව්‍යාප්ත කරන ලද්දක් බවත් ඉස්ලාමීය රාජ්‍යයක් තුළ මුස්ලිම් නොවන ජනයාගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් අසාධාරණ ලෙස කටයුතු කිරීමට එම දහමේ අනුමැතිය ඇති බවත් දක්වන්නට මෙයින් වෑයම් කොට ඇත. මෙම මතයන්හි මිථ්‍යාව ඉතා හොඳින් හෙළිදරව් කරමින් ආගමික බහුත්වය හා නිදහස කොතෙක් දුරට ඉස්ලාමීය ඉගැන්වීම් අනුමත කර ඇත්තේ ද යන්න පහත සඳහන් අල්-කුර්ආන් වාක්‍යයන්ගෙන් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

 

දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත. (2 : 256)

 

නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?”  (10 : 99)

 

(නබිවරය) නුඹ මෙසේ පවසවු. මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි. (10 : 108)

 

සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා (18 : 29)

 

ආගමික බහුත්වය හා නිදහස අනුමත කරන හා පිළිගන්නා මෙවැන් වැකි බොහෝමයක් අල්-කුර්ආනයෙන් හා නබි වදන් වලින් උපුටා දැක්විය හැක. අල්-කුර්ආනයේ සටන් කරන ලෙස අනුමත වැකි ද දක්නට ඇත. තමන්ගේ උපන් භූමිය වූ මක්කාහ්වේ අවුරුදු 13ක් ඉස්ලාමීය ප‍්‍රචාරයේ යෙදුණු මුහම්මද් නබි තුමාට (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) හා එතුමා ඉදිරිපත් කළ දහම පිළි ගත් ජනයාට ඉතා දරුණු වද හිංසාවන්ට එහි දී මුහුණ පෑමට සිදු විය. ප‍්‍රතිප‍්‍රහාරයකින් තොරව මේ සියල්ල ඔවුන් ඉවසා දරා ගත්හ. මත්පැන, ලිංගික අපචාරය, සූදුව, අල්ප ආරාවුල් මත ඇති වූ වර්ෂ ගණනකට ඇදී යන ගෝත‍්‍රික ගැටුම්, ඇතැම් පියවරුන් විසින් තම ගැහැනු දරුවන්ව පණ පිටින් වළලා දැමීම්, අසීමිත බහු ස්ත‍්‍රී විවාහ, තම පියා විවාහ වී සිටි ස්ත‍්‍රියව පුත‍්‍රයා විසින් විවාහ කර ගැනීම වැනි දරුණු ම්ලේච්ඡ වූ ක‍්‍රියා වල යෙදී සිටි මක්කාහ්වාසී ජනයාගෙන් ස්වල්පයක් හැර බහුතරය විසින් නබිතුමාගේ සදාචාර සම්පන්න ඉගැන්වීම් ප‍්‍රතික්ෂේප කරන ලදී. අවසානයේ නබිතුමාව මරා දැමීමට ඔවුහු කුමන්ත‍්‍රණය කළහ. මෙම තත්ත්වය යටතේ එම නගරය අත හැර යන්නට එතුමාට දෙවිඳුන්ගෙන් අණ ලැබුණායින් පසු එම නගරයේ තමන්ට අයිතිව තිබූ සියල්ල අත්හැර මදීනාහ් නගරයට දේශාන්තරණය කළහ. ඉන් පසු එතුමාගේ දහම අනුගමනය කළ මක්කාහ්වාසි ජනයාගේ සියලූ වස්තු කොල්ලකෑමෙන් පසු ඔවුන්ව ද තම නිවෙස් වලින් පවා හරින ලදී.

අපරාධ කරනු ලැබූවන්ට (අපරාධ කළ ප‍්‍රතික්ෂේපකයින්ට) එරෙහිව යුද්ධ කිරීමට අනුමැතිය දෙන ලදී. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට (විශ්වාසවන්තකයින්ට) උපකාර කිරීමට බලසම්පන්න වෙයි. මොවුන් (විශ්වාසවන්තයින්) අසාධාරණ ලෙස තමන්ගේ නිවැස් වලින් (සතුරන් විසින්) වා හරින ලද්දන්ය. මොවුන් කළ එකම වරද අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීමය. (22 : 39-40)

 

ආගමික නිදහස අහෝසි කරමින් නිර්මාතෘට නැමදුම් නොකොට නිර්මාණයන්ට නැමදුම් කිරීම වැරදි යැයි පැවසීම එකම අපරාධය ලෙස සලකා මෙම ජනයාව තම නිවෙස් වලින් පවා හරින ලද අතර ඔවුන්ගේ දේපළද කොල්ලකන ලදී. මෙවැන් තත්ත්වයක් තුළ අසාධාරණය හා අයුක්තියට එරෙහිව කෙරෙන සටනකින් අපේක්ෂා කරන්නේ මිහිතලය මත සාමය, යුක්තිය, නීතිය හා මිනිසත්කම ස්ථාපිත කිරීම හෙයින් එයට සහභාගි වීමද ජිහාදය ලෙස ඉස්ලාමය අනුමත කරයි.

 

යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය (5 : 32)

මෙයින් පැහැදිලි වන්නේ නිසි හේතු නොමැතිව මිනිස් ජීවිතයක් ඝාතනය කිරීමට ඉස්ලාම් කොහෙත්ම අනුමත නොකරන බවය. අපරාධකරුවන් සමඟ යුද් කිරීමට දෙවිඳුන්ගේ විධානය ලැබුණ ද මුස්ලිම්වරුන් නිරන්තරයෙන් සාමය වෙත යොමු වී සිටිය යුතු බව අල්-කුර්ආනය උගන්වයි.

 

තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අත හරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය (9 : 5)

 

ඉස්ලාමීය ඉගැන්වීම් විකෘත කරමින් ප්‍රචාරයේ යෙදී සිටින්නන් විසින් ඉස්ලාමය යුදවාදිත්වයෙන් යුත් දහමක් ලෙස හුවා දක්වන්නට උපයෝගී කරගන්නා වූ අල්-කුර්ආන් වැකියයි ඉහතින් උපුටා දක්වා ඇත්තේ. නමුත් එම පරිච්ඡේදයේම ඊළග වැකියෙන් එහි සත්‍ය ස්වරූපය හෙළිදරව් වන අයුරින් කරුණු පැහැදිලි කොට ඇත.

 

(අල්ලාහ්ට) සමානයන් තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ වදන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙනු. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු. සැබැවින්ම ඔවුන් නුව නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය. (9 : 6)

 

අල්-කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය උපුටා දක්වන ඉස්ලාම් විරෝධීන් එහි 6 වැනි වැකියෙන් පැහැදිලි කර ඇති කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිති. කපනු කොටනු සිර ගත කරනු යන විධානයන් යුද බිමට අදාළ ආඥාවන් ය.  ඕනෑම සටනක දී සම්ප‍්‍රදායානුකූලව නිකුත් කරනු ලබන ආඥාවන් ලෙස මේවා සැකේ. අන් සටන් වලදී දකින්නට නොලැබෙන සුවිශේෂත්වය නම් සතුරු කඳවුරෙන් තමන් වෙත රැකවරණ පතා එන සරණාගතයන් සම්බන්ධව ඉතා කාරුණිකව ආරක්ෂාව හා රැකවරණය ලබා දී කටයුතු කරන්නට ඉස්ලාමය ඉගැන්වීමයි. ඉහත 6 වැනි වැකියෙන් පැහැදිලි කරන්නේ මෙම සත්‍යයයි.

 

ප‍්‍රචණ්ඩත්වයට හා සමාජ අසාධාරණයට එරෙහිව ඉස්ලාමිය අරගලය යුද වාදයක් නොවන බව පහත සඳහන් අල්-කුර්ආන් වැකි වලින් ද පැහැදිලි වෙයි. මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම සාමයෙන් ජීවත් විය හැකි යුද මුක්ත ලොවක් ඉස්ලාමය අපේක්ෂා කරයි.

 

ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහිම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය, සර්ව ඥානීය. (8 : 61)

 

සතුරන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් එවිට මුස්ලිම්වරුන් ද ශක්තිමත්ව හා බලයෙන් පසු වුවද සමාදානය වෙත නැඹුරු විය යුතු බව මෙම වැකිය පැහැදිලි කරයි.

 

ජිහාද් නමින් විවිධ රටවල සංවිධාන බිහි වී ඇති බව අපි දනිමු. ඔවුන්ගේ ක‍්‍රියා කලාප මඟින් සිවිල් වැසියන්ට ද විශාල හානි සිදු වූ අවස්ථාවන් ඇත. මේ සියල්ල සහමුලින්ම ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි ක‍්‍රියාවන් ය. මෙවන් කටයුත්තක් කළ හැක්කේ ඉස්ලාමිය රාජ්‍යයක හා ආගමික නායකත්වයේ මඟපෙන්වීම යටතේය. මරාගෙන මැරෙන ප‍්‍රහාරද මෙම සංවිධාන මඟින් ක‍්‍රියාත්මක කරන බව අපි දනිමු. ඉස්ලාමීය විද්වතුන් බහුතරයකගේ මතය වන්නේ සටන් බිමේ දී සතුරාගේ ආයුධ ගබඩාවක් විනාශ කිරීම සන්නද්ධ බලය බිදීම වැනි ක‍්‍රියාවකට හැර මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම ඉස්ලාමයේ අනුමත ක‍්‍රියාවක් නොවන බවයි. සිය දිවි නසා ගැනීම ඉස්ලාමයේ මහා පාපයක් ලෙස සැලකෙන අතර අහිංසක සිවිල් වැසියන්ට හානි පැමිණ වීම ඉතා විශාල අපරාධයක් ලෙස ද ඉස්ලාමය සකයි.

 

මුස්ලිම් නොවන රාජ්‍යයක් සමඟ හෝ ජන කොට්ඨාසයක් සමඟ යුද තත්ත්වයක් ඇතිවුවහොත් එය වළක්වා ගැනීමේ අදහසින් ඉස්ලාමීය රාජ්‍යය විසින් යෝජනා 3ක් සතුරු රාජ්‍යයට හෝ පිරිසකට ඉදිරිපත් කරනු ලැබේ. මෙම යෝජනා පහතින් විස්තර කර ඇත්තෙමු.

 

1. ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරාධනා කිරීම.

 

ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරාධනා කළ හැකිමුත් එලෙස කරන ලෙස බලපෑම් කරන්නට අයිතියක් නොමැත. මේ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකි මෙම ලිපියේ ආරම්භයේ උපුටා දක්වා ඇත්තෙමු. මේ අනුව දහම පිළිබඳව බලපෑම් කිරීම අල්-කුර්ආනයේ මූලික ඉගැන්වීම් වලට පහැණි වූවකි. විශ්වාසයක් පිළිගැන්විය හැක්කේ බලපෑමෙන් නොව ඒත්තු ගැන්වීමෙන් පමණක් බව අප සියලු දෙනා දන්නා කරුණකි. ඉස්ලාමය පිළිගතහොත් යුද තත්වය මඟ හැර ගොස් සුහදත්වය ඇති වීමට සුදුසු වාතාවරණයක් නියත වශයෙන්ම ඇති වන්නට ඉඩකඩ ඇති වෙයි.

 

2. ජිස්යා බදු ගෙවීම

 

දෙවැනි යෝජනාව වන්නේ සතුරු රාජ්‍යය හෝ පිරිස ඉස්ලාමීය රාජ්‍යයට බදු ගෙවීමෙන් එහි පූර්ණ රැකවරණය තමන් වෙත සහතික කර ගැනීමයි. ජිස්යා නමින් වූ මෙම බද්ද මුස්ලිම් නොවන අයට පමණක් බලපාන අතර මුස්ලිම් වරුන් ගෙවිය යුතු බද්ද සකාත් නමින් හැඳින් වේ. සකාත් වලට අමතරවද මුස්ලිම් වරුන්ට විවිධ ආකාරයේ සංවර්ධන බදු ගෙවන්නට සිදු වන අවස්ථා ඇත. ජිස්යා බද්ද වැඩිහිටි පිරිමින් පමණක් ගෙවිය යුත්තක් වන අතර ස්ත‍්‍රීන්, දරුවන් හා දුප්පතුන්ට මෙය වගකීමක් නොවේ. මෙම බද්ද ගෙවීමෙන් ඉස්ලාමීය රජයේ හා එහි හමුදාවන්හි පූර්ණ රැකවරණය ඔවුන්ට ලැබෙන අතර හමුදාවට බැඳීම ද ඔවුන්ට වගකීමක් නොවේ. ජිස්යා ගෙවන්නන් අතර දුඟී බවට පත් අය සිටින්නේ නම්, ඔවුන්ට යැපීම් දීමනාවක් ගෙවීමට ඉස්ලාමීය භාණ්ඩාගාරයෙන් කටයුතු කළ යුතුව ඇත. ඔවුන්ගේ දේපළ, ජීවිත, ආගමික ස්ථාන හා පූජක වරුන් යනාදිය සඳහා රැකවරණය ලබා දීම ඉස්ලාමීය රාජ්‍යයේ පූර්ණ වගකීම වෙයි.

 

3. ගිවිසුමකට එළැඹීම.

 

තුන්වන යෝජනාව වන්නේ සතුරු රාජ්‍යය හෝ පිරිස සමඟ සාම ගිවිසුමකට එළැඹීමට කැමැත්ත ප‍්‍රකාශ කිරීමය. සාම ගිවිසුමකට එළැඹීමෙන් ඔවුන් සමඟ සාමය පවත්වා ගෙන යාමට ඉස්ලාමීය රාජ්‍යය වගකියන අතර ජිස්යා බදු ගෙවන්නන් සමඟ මෙන් බාහිර සතුරු ආක‍්‍රමණය දී රැකවරණය ලබා දීමට වගකීමක් දරන්නේ නැත.

 

මෙම යෝජනාවන් මඟින් ඉස්ලාමීය රාජ්‍යය උත්සාහ කරන්නේ සතුරුකම් හා යුද්යන් වළක්වා සාමකාමී පරිසරයක් ගොඩනගා ගැනීමටය. මේ සියල්ල අසාර්ථක වූ තත්ත්වයක පමණකි යුද්ධයක් ඇති වීමේ තත්ත්වය මතුවිය හැකි වන්නේ.

 

මුස්ලිම් නොවන්නන් සමඟ කටයුතු කිරීමේ ඉස්ලාමිය ප‍්‍රතිපත්තිය පොදුවේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති වගකීම හා බැදී ඇත.

 

(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය. (16 : 90)

 

(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළොඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය. (5 : 8)

 

ජිහාද් මාතෘකාව යටතේ ඒ හා බැඳු කරුණු කෙරෙහි ද අවධානය යොමු කරන්නට සිදු වූයේ නිවැරදි අර්ථකථනයක් ඉදිරිපත් කිරීමට එය වැදගත් යැයි සැකූ හෙයිනි.

 

අවසාන වශයෙන්, මුස්ලිම් වරුන් යනු පරිපුර්ණ ජීවන සැලැස්මක් මිනිසාට ඉදිරිපත් කර ඇති ඉස්ලාම් දහම විශ්වාස කොට ඒ අනුව තම ජීවිතය සකස් කර ගන්නට කටයුතු කරන, ආගමික හා සමාජයීය සහජීවනය ස්ථාපිත කොට ඒ මගින් සාමය හා සමගිය අපේක්ෂා කරන පිරිසකි. අනවබෝධය හේතුවෙන් විවිධ චෝදනා ඉස්ලාමයට එරෙහිව විවිධ පාර්ශවයන්  මගින් ඉදිරිපත් කළද, එහි සත්‍යය අවබෝධ කර ගැනීමෙන් පසු මෙම දුර්මත ඉවත් කර ගැනීමට සැමට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. එනිසා අපගේ වැනි බහු සංස්කෘතික හා බහු ජන වාර්ගික සමාජයක පැවතිය යුතු ප්‍රධානතම ලක්ෂණය විය යුත්තේ අප සැවොම අවංකත්වය පදනම් කර ගත් බුද්ධිමත් සංවාදී සමාජයක් බවට පත් වීමය. විසංවාදී වීම අප අතර අනවබෝධය වර්ධනය කරන්නට හේතු වන අතර, එය සමාජ කොටස් අතර දුරස්ථභාවය ඇති කරවන්නකි. අප එකිනෙකා අවබෝධ කර ගනිමු. එලෙසම තම මතයේ පිහිටා සිටින්නට සැමට අයිතියක් ඇති බවද පිළිගනිමු.   

ෆෆෆෆෆෆෆ