297

සාදාචාර සාරධර්ම සහ අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම  මුස්ලිම්වරයෙකු ට අත්‍යවශ්‍ය වේ

] සිංහල – Sinhala –[ سنهالي  

 

හාරුන් යහ්යා

සවූදි අරාබියේ 2014 ඔත්තෝබර් මස 10 දින අරබ් නිව්ස් පුවත් පතේ පළ වූ ලිපිය

 

 

සිංහල පරිවර්තනය

ජාසිම් ඉබ්න් දඉයාන්

 

 

 

 

 

 

2014 - 1436


التقوى والأخلاق الحسنة  من أهم صفات المسلمين

« باللغة السنهالية »

 

 

 

 

هارون يحيى

 

 

 

ترجمة: جاسم بن دعيان

 

 

 

 

 

 

 

 

 

2014 - 1436

 

සාදාචාර සාරධර්ම සහ අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම  මුස්ලිම්වරයෙකු ට අත්‍යවශ්‍ය වේ

 

හාරුන් යහ්යා

සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පත්‍රයේ 2014 ඔක්තෝබර 10 වන දින පල කරන ලද ලිපිය

 

සිංහල පරිවර්තනය

ජාසිම් ඉබ්නු දඉයාන්

 

වර්තමාන තරුණ පරපුර අල්ලාහ් කෙරෙහි ආදරය හෝ බිය බැතිමත්කමෙන් තොරව හදා වඩා ගනු ලබති. සාමාන්‍යයෙන් පවුලේ අය තම දරුවන් ට ඉස්ලාමයේ මුලික දැනුම පමණක් ලබා දෙති. එහෙත් එය ට අමතර ව කුර්ආන් උගන් වන සදාචාරය පිළිබඳ අගනා දැනුම සහ හැසිරීම මුස්ලිම් වරයෙක් තම ජිවිතයේ  සෑම මොහොතෙහි ම අනුගමනය කළ යුතු ව තිබේ. අල්ලාහ් කෙරෙහි ගැඹුරු ආදරය, බියසුලුකම සහ හෘදය සාක්ෂිය ට එකඟව ක්‍රියා කිරීම ට දරුවා ගේ සිත් තුළ දැඩි අඨිෂ්ථානයක් හට ගැන්විය යුතුය.  දරුවෙක් අල් කුර්ආන් පෙන්වන මාර්ගයේ පමණක් හදා වඩා ගනු ලැබුවේ නම්,  අල්ලාහ් වෙත ආදරය දක්වන හා අල්ලාහ්  ගේ අප්‍රසාදය ට බිය වන්නේ නම්, අල්ලාහ් වෙත නිසි ලෙස විස්මය දක්වන්නේ නම් පමණක් අල්ලාහ් ප්‍රිය කරන සදාචාර සාරධර්මය ලබා ගැනීම ට හැකි වනු ඇත. එසේ නොමැතිව, කුර්ආන් ඉගැන්වීම හා නොගැළපෙන, අකාරුණික හා කිසි දැයක ට සංවේදී නොවන හැසිරීම මූමින් වරයෙකු ට හානි සිදු කරයි.

කුඩා දරුවෙකු හදා වඩා ගන්නා විට ඔහු තුළ අවංක සිතුවිලි තිබෙන බව ට ස්ථීර කර ගැනීම ප්‍රථම වගකීම වේ. අවංක කම නමැති පදනම ස්ථාපන කළායින් තම ජීවිත කාලයේ ඔහු හෘදය සාක්ෂිය ට එකඟ ව කටයුතු කිරීම පිණිස මග පෙන්විය යුතු ය. මෛත්‍රිය සහ අවංක කම එකිනෙක ට සම්බන්ධ ගුණාංගයන් ය.  මෛත්‍රිය නොමැති කෙ‍නෙකු වෙත අවංක කම තිබිය නොහැකි අතර අවංක කම නොමැති කෙනෙකු වෙත මෛත්‍රිය තිබිය නොහැක. මෛත්‍රිය, අවංකභාවය, යුක්තිය, අල්ලාහ් කෙරෙහි බිය සුලුකම යන ගුණාංගයන් සහිතව අල් කුර්ආනය පෙන්වන යහ මඟ බැඳී තිබන බව සලකන්න.  මේවා අතර බලවත් බැඳීමක් තිබෙන විට, අල්ලාහ් ගේ සතුට ලැබ ස්වර්ගය ට පිවිසීම ට අවශ්‍ය සදාචාර සාරධර්මය විශ්වාසීන් තුළ වර්ධනය වනු ඇත. මෙවැනි විශ්වාසීන් කොතැනක වුවත් ඔවුන් ගේ මුහුණෙන් හා සදාචාරයෙන් දිප්තිය නිකුත් වනු ඇත. අල්ලාහ් කෙරෙහි ආදරය හා බියසුලු හදවත සහිත කෙනෙකු ගේ ක්‍රියා, කථාව සහ ස්වභාවය තුළින් ගැඹුරු අදහස් ප්‍රකාශ කරනු ලැබේ. ඔහු කිසිවක් ප්‍රකාශ හෝ දේශනා නොකළත් ඔහු ගේ පැවැත්ම පවා ඔහු වටා සිටින අය ට අලංකාරවත් ආදර්ශයක් බව ට පත්වෙයි.

උතුම් සදාචාර සාරධර්ම සහිත ව, අල්ලාහ් සහ අල්ලාහ් ගේ මැවීම් වෙත දක්වන ආදරය, පිරිසිදුකම, අවංක භාවය, කරුණා ව සහ අල්ලාහ් කෙරෙහි තැබු ස්ථීර විශ්වාස යන දැයින් නබි (සල්) තුමාණන් මූමින් වරුන් ට උතුම් ආදර්ශයක් බව ට පත් වුහ. නබි (සල්) තුමාණන් ගේ සදාචාර සද්ගුණ සහ අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම පිළිබඳ ව පහත සඳහන් හදීස් වදන පැහැදිලි කරයි. “මගේ උම්මා ව (සමාජය) ස්වර්ගය ට පිවිසීම ට අනුමැතිය ලබා දෙන ඉතාමත් වැදගත් කරුණු, අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම සහ සදාචාර සම්පන්න යයි. - උසූල් අල් කාෆි 2 වෙළුම පිටු අංක 100.

තවත් හදිස් වදනක නබි (සල්) තුමාණන් මෙසේ පැවසුහ. “අල්ලාහ් කෙරෙහි දක්වන ආදරය නිසා කෙනෙකු ගේ සිරුරෙ හි රෝමහර්ෂය සිදුවන විට, ශරත් සෘතු කාලයේ ගස්වලින් කොළ සැලෙන ආකාරයෙන්, ඔහු ගේ සුළු පාප සියල්ල ඔහුගෙන් එකිනෙක ඉවත් වනු ලැබේ.“ හයාත් අල් කුතූබ් දුර්රාත් අල් වයිසින් වෙළුම් 2/980

අල්ලාහ් කෙරෙහි බියබැතිමත්කම පිළිබඳව නබි (සල්) තුමාණන් මෙසේ වදාලහ. “මගේ පරමාධිපති මාහට කරුණු නවයක් ඉගැන්විය. (ඒවා නම්)

  1. විවෘත ව හා රහසිගත ව අල්ලාහ් ට බිය බැතිවීම;
  2. කෝපය හෝ සතුටු අවස්ථාවක පවා යුක්ති සහගත ව කතා කිරීම;
  3. පොහොසත් හෝ දුප්පත් අවස්ථාවෙ හි සකසුරුවමින් වියදම් කිරීම;
  4. තමා ව අතරමං කළ අය සමඟ ද මිත්‍රත්වය පැවැත්වී ම‍;
  5. තමාගෙන් කුමක් හෝ උදුරා ගත් අය ට පවා යමක් දීම;
  6. තමාට වරද කළ අය ට ක්‍ෂමාව දීම;
  7. නිහඬ ව සිටින විට අල්ලාහ් ගැන කල්පනා කිරීම;
  8. කතා කරන විට අල්ලාහ් ව පැසසුම් කිරීම;
  9. සත්‍ය හා යහ දේ අණ කිරීම සඳහා තමාගේ මුහුණේ හැඟීම් ප්‍රකාශ කිරීම.

කුතුබ් අල් සිත්ත වෙළුම් 16 පිටු අංක 317.

මූඃමින් වරයෙක් අල්ලාහ් කෙරෙහි බිය බැතිමත් සහිත ව හැදී වැඩීම යන්නේ අල්ලාහ් ව සතුටු කිරීම ට නොහැකිවීම ගැන ඔහු බිය වෙයි. අල්ලාහ් ගේ අසතුට උපද වන ඕනෑම දැයක් පැවසීම හෝ කිරීමෙන් ඔහු ස්ථීරව ඉවත් විය යුතුය. අල්ලාහ් ගේ සතුට ට එරෙහිවන කිසිදු මාර්ගයක පා තැබීම ට ඔහු පසු බට වෙයි. ඔහු මොලොවෙහි සහ මතු ලොවෙ හි අල්ලාහ් වෙත අධික ලෙස ආදරය දක්වන හෙයින් එම තත්ත්වය වෙනස් කළ හැකි කිසිදු පියවරක් නොගනී.  මූඃමින්වරයෙක් ඔහු ගේ හදවතෙහි අල්ලාහ් වෙත අධික ලෙස ආදරය සහ බිය බැතිමත් කම දක්වන හේතුවෙන් ඔහු ගේ හෘදය සාක්ෂිය ඔහු ට නිතර සෘජු මාර්ගය පෙන්වයි. අල්ලාහ් වෙත ඔහු ආදරය දක්වමින් අල්ලාහ් ගේ අනුමැතිය ට එකඟ ව ක්‍රියා කරන ප්‍රමාණය ට ඔහු යහපත් බව ට පත්වෙයි. අල්ලාහ් වෙත ගැඹුරු ව විශ්වාසය තබමින්, අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම සහිත ව පා තැබු ජනතාව අතරින් තම තමන් ගේ සමාජය ට එවනු ලැබු නබිවරුන් ඒ සමාජයන් ට උතුම් ආදර්ශයක් වුහ‍.

තක්වා නමැති අල්ලාහ් ගේ බැතිමත්කම මත තම ගොඩනැගිල්ල තැනූ කෙනෙක් හා ඔහු සමඟ ම කඩා වැටෙන ඉවුරක් අසල ගොඩනැගිලි තැනූ කෙනෙකු යන දෙදෙනා අතර සාර්ථක තැනැත්තා කවරෙක් ද? “අල්ලාහ් කෙරෙහි භය භක්තිය හා සොම්නස මත තම නිවස ට අත්තිවාරම් දැමු තැනැත්තා හොඳ ද? නැතහොත් ගරා වැටෙන ඉවුරක මුව විටියෙ හි, තම නිවස ට ඔහු සමඟ එය නිරයේ ගින්න ට ඇද හැලෙන සේ අත්තිවාරම් දැමු අය හොඳ ද? අල්ලාහ් අපරාධ කරන්නවුන් ට යහමඟ නොපෙන් වන්නේ ය. සූරා තව්බා 9: වාක්‍ය 109.

අල්ලාහ් කෙරෙහි නිසියාකාර ව බැතිමත් කම නොදක්වන මුස්ලිම් වරයෙක් උද්ධච්චකමින් හෝ ආත්මාර්ථකාමී ව, හෝ තමන් ගැන පමණක් සැළකිලි දක්වමින් කටයුතු කරයි. තම පහත් භාවය ජය ගත නොහැකි වන විට, ඔහු අන් අය ගේ අමනාපය ට ලක්වෙයි.  ඔහු නිසියාකාර ව අල්ලාහ් ට බිය බැතිකම නොදැක්වුයේ නම්, තමා නිර්දෝෂි තත්ත්වයේ සිටින විට. නිහතතමානී වීමට ද හොඳ දේ මගින් නරක දේ ඉවත් කිරීම ට පවා ඔහු වෙත ආත්ම ශක්තිය නැති වෙයි. එහෙත් ඔහු ගේ සිතෙ හි අල්ලාහ් කෙරෙහි ගැඹුරු බිය බැතිකමක් තිබන්නේ නම් ඉතාමත් උසස් හා පරිපූර්ණ සදාචාර සාරධර්මයෙන් යුක්ත ව කටයුතු කරයි.

“මම අල්ලාහ් ට ආදර කරමි යැයි නිතර පැවසීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. අල්ලාහ් වෙත ආදරය සහ බිය  බැතිමත් කම එක ට මිශ්‍ර වී තිබිය යුතුය. කෙනෙක් තුළ අල්ලාහ් කෙරෙහි ආදරය නොමැති වන විට, ඔහු තුළ යුක්තිය, හෘද සාක්ෂිය සහ කුර්ආනයේ සද් ගුණය අහිමි වෙයි. මෙවැනි මූඃමින් වරයෙක් ගැඹුරු  විශ්වාසය ලබන්න ට හෝ, තම ආත්මයේ පහත් තත්ත්වය නිසි ලෙස පුහුණු කිරීම ට හෝ අපහසු වීමෙන් ස්වර්ගය ට පිවිසීම ට නොහැකි වෙයි. මූමින් වරයෙකු තුළ ගැඹුරු ආදරය නමැති දොරටු ව විවෘත කරන යතුර දේව බිය බැතමත්කම වේ. නබි වරුන් ට පමණක් සිමා වූ සදාචාර සාරධර්ම ය, අවංකභාවය සහ නිහතමාන භාවය ලබා ගනු පිණිස අල්ලාහ් කෙරෙහි බිය බැතිමත් කම අධික ව වර්ධනය කිරීම යන කරුණු මූඃමින් වරයෙකු ට සහය වනු ඇත.

අවසාන ව, අල්ලාහ් කෙරෙහි බිය බැතිමත් කම යනු බොහෝ අය සිතෙහි මවා ගන්නා අයුරින් එකක් නොවේ. බිය බැතිමත්කම යනු අල්ලාහ් ට ආදරය කරන මුඃමින්වරයෙක්, අල්ලාහ් ට පමණක් සද්ධාවන්ත භාවය දක්වමින්, ඔහු ව මිත්‍රයෙක් බව ට පත්කර ගනිමින්, අල්ලාහ් අනුමත නොකරන සියලු ආකාරයේ හැසිරීමෙන් වැළකී, අල්ලාහ් ප්‍රිය නොකරන කිසිවක් ඉටු නොකිරීම ය. මෙම කෙටි පරීක්‍ෂණයෙ හි අල්ලාහ් කෙරෙහි දක්වන බියසුලුකම විශේෂයෙන් සහය වන බව නිසැක යි. අසීමිත තෘෂ්නාවෙන් සහ ෂෛතාන්  ගේ උගුළෙන් මිදීම පිණිස කෙනෙක් නිතර ම ධෛරය්‍ය යෙන් ඉතා සුදුසු පියවර ගනු ඇත. අල්ලාහ් හැර අන් කිසිවෙකු ට බිය නොවන දැඩි දේව විශ්වාසය ඔහු වෙත දක්න ට තිබේ.

“විශ්වාස කළවුනි! අල්ලාහ් ට  බිය භක්තිමත් වවු. සෑම ආත්මයක් ම හෙට දින සඳහා  (තමන් ට) පෙරටු කර ගත් දෑ පිළබඳ ව අවධානය යොමු කරවු. තව ද, අල්ලාහ් ට බිය භක්තිමත් වවු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ඥාන වන්තයා ය. සූරා අල් හෂ්ර් 59:18

ඔබ  ගේ අගනා අදහස් අප ට දනවන්න.

www.sinhala@islamhouse.com